Friday, January 28, 2011

රාවණ වංශය විනාශ කළ නොහැක

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්ඩාර යක්ෂ පරපුර ඉන්ද්රජිත් (මේඝනාද) ලෙස ප්රචලිත ශ්රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්රයාගෙන් පැවත එමින් අද දක්වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්රණයට බ්රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්වන අලුත් ඉතිහාසයක් ඔවුන්ගේ අධ්යාපන ක්රමය ඔස්සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්රබල ආක්රමණිකයකු බව අපට නොවැටහීම අභාග්යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්රව්නින් මෙන්ම ප්රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක් ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක් බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.
මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක් නිරූපණය කරන ප්රබල පුරාවිද්යා සාධකයකි. කිසිදු රාජ්ය ආභරණයක් නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්වරූපය පිළිබිඹු වන මෙම ප්රතිමාව පරාක්රමබාහු රජුගේ යෑයි පැවසීම ලක් වැසියන් මුළා කිරීමක් වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්රම සමුද්රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්රමබාහු මහා අධිරාජ්යයා පවා මෙම ප්රතිමාවට පුද සත්කාර කළ රාජ්ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්ය ග්රන්ථ හා යන්ත්ර මන්ත්ර රැස් කළ ප්රධාන පුස්තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්රන්ථ කොටස් පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්කන්) යන ප්රබල යක් රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.
මෙම සංකේත වර්තමාන පුරාවිද්යාඥයනට හඳුනාගත නොහැක්කේ හා අදහස් ප්රකාශ කළ නොහැක්කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.
ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්ෂ ජන සමාජයේ ප්රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්යයාගේ නිර්මාණයක් වේ. තවද පුරා විද්යාවෙන් නිසි අර්ථ නිරූපණයක් කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස් චින්තනය නිරූපණය කරයි. වෙස්සගිරි ප්රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්රතිසංස්කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්වභාව ධර්මයට ගරු කළ යක්ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්රදේශ සාක්ෂි දරයි.
වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්ෂ ජනතාව තුළ තිබූ පිටසක්වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්මතු කරන මිල කළ නොහැකි වටිනා වස්තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක් නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්යතාවකි. මහා රාවණ අධිරාජ්යයාගේ පුත් ඉන්ද්රජිත් හෙවත් ඉරුගල් බණ්ඩාර පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්යාවහාරයේ එය ගර්හිත යෙදුමක් ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.
ලෝකයට “මමී” හෙවත් නරක් නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්යාව දායාද කළේ රාවණ අධිරාජ්යයා විසින් ප්රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්ර ග්රන්ථයක් වන්නේ සිව රජුගේ අහස්තල බෙදීම හා හෝරාශාස්ත්රයයි. ඒ අනුව තාරකා විද්යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්රී රාවණාට ප්රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට

රාජවංශයේද නොයෙක් රජුන් සිව යන්න පෙළපත් නමක් ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්තෝත්රය රචනා කළ අතර එය අද දක්වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක් ජනතාව අතර ප්රචලිතව පැවැති රාවණ මන්ත්රයක් මෙසේය.
“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”
“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”
ශ්රී රාවණ අධිරාජ්යයාගේ බලය හා ශක්තියට ප්රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්වාම ක්රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක් ව්යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්වා යක්ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්රමබාහු, වලගම්බා වැනි ප්රබල මහාකාල යක් පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක් පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්රයෙන් පැවත එන ආක්රමණිකයන්ට මෙරට විජයග්රහණයක් අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක් මෙරට ආක්රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්යයක් වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්ෂමණ හනුමාන් ප්රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්ෂ ගෝත්රික මූලාශ්ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්රථය, අසුර අත්විසය හා පංචරක්ඛාවලිය යන පුස්කොල පොත් ශ්රී රාවණ අධිරාජ්යයාගේ පුත්ර මේඝ නාද (ඉරුගල් බණ්ඩාර) සමස්ත ඉන්දියානු ආක්රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.
තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්යන්තරික යක්ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්රදේශ (ගිරිප) යක්ෂ ජනයාට පවරා සෙසු ප්රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක් අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්යාඥ බෙල් ප්රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්තිය නිරුපණය කරන ප්රබල ගුප්ත විද්යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්රමයෙන් ප්රාදේශීය කොඩියක් බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක් කළ කොස්මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්රමණිකයන්ට ඉමහත් විනාශයක් සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්කොල පොතේ සඳහන්ය.
නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට් සමූහාණ්ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

Monday, January 24, 2011

ඒදණ්ඩ සඟරාවේ නිල වෙබ් අඩවිය

අපි උඩු ගx බලා පිහිනීමේ ප්‍රයත්නය ඈරබුවෙමු....
"The first ever additional reading material dedicated to Advanced Level Art Stream students of Sri Lanka"....

කාලෙකට පස්සේ

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අයෙත් ලියන්න හිතුනා...
ඔයලට කියවන්න අලුත් වඩක් පටන් ගත්තා...
කියවලම බලන්න එහෙනම්..

විජය මුහුදු කොල්ලකරුවෙක්ද....?

මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්ද යනු හොඳින් පෙන්වා දෙයි.
විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්සහානි කාරිම සුතේ – 39 ගාථාව
මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස් ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස් ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්ත්රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක් කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක් ඇති ග්රන්ථයක්ය.
සම්බජ තරේච දුතියං අහෝසි තතියං පන කුද්ධෝ මහාප්නො අහපුත්තං සතෙහිතෙ ඉති. (40 ගාථාව)
“තමත්ථං පටිවේදයි” යනු එවන් සැහැසිකම් හේතුකොටගෙන මහජනයා උද්ඝෝෂණය කරමින් රජුට සැල කළහ. සඤÆපෙන්වානු තොට විසින් මෙවැනි සැහැසිකම් නොකළ යුතු යන්නයි. මේ අනුව පැහැදිලි වන්නේ මහජනයා ප්රතික්ෂේප කළ සමාජයට පිළිලයක් වූ පිය අවවාද පවා නොසලකා හැරි විජය පාපිෂ්ඨයකු බව නොවේද?
මහාවංශය නොතිබෙන්නට විජයගේ වර්ගය හෝ වංශයේ පැටිකිරිය අපට සොයාගත නොහැකි වනු ඇත. එබැවින් මහාවංශය පුරාවිද්යාත්මක මෙන්ම ඓතිහාසික මූලාශ්රයක් ලෙස පරිශීලනය ඉතිහාස ගවේෂකයන්ට අත්යාවශ්ය වේ. විජය පිළිබඳව මහාවංශයට අනුවම ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ දහසය වියේ පසුවූ කුවේණි නම් (මහාපාලි කුමරිය) රවටා විවාහකොට ඇය අනාථභාවයට පත්කොට දරුවන් දෙදෙනෙක් ද සමග මහමඟට ඇද දමා තවද ලංකාද්වීපය පාලනය කළ මහාකාල යක් රජු ත්රස්තවාදී ගරිල්ලා ප්රහාරයකින් සිරිසවත්ථු පුරයේදී මරණයට පත්කොට එම රජුගේම රාජකීය ආභරණ පැළඳගෙන තම්මැන්නාවේ සිට පුත්තලම ආශ්රිත ප්රදේශ යටත්කොට සිටි (අනුරාධපුර සුළු කොටසක් ඇතුළුව) ප්රභාකරන් හා සමානව රාජ්ය උරුමයක් නොමැති විකෘති මානසිකත්වයකින් හෙබි ආක්රමණිකයෙකි. ඔහු මෙරට ආදි රජු ලෙස හඳුන්වාදී ඔහුගෙන් සිංහලයන් පැවත එනවා යෑයි ලංකා ඉතිහාසය උගන්වනු ලැබුවේ එවැනිම ආක්රමණික පිරිසක් වූ පෙරදිග රටවල් මංකොල්ලකෑ විජාතික සුදු ජාතිකයන්ය. නමුත් මෙරට රජු පෙලපත (ඇතැම් රජුන් හැර) අතීත හෙළ ජනයා විජය මෙරට ආදිතම රජු සේ කිසිවිටෙකත් මූලාශ්ර ග්රන්ථවලින් පෙන්වා දී නොමැත.


රොජො ච වරරොජො ච තථා කල්යාණකාදුවෙ
උපොසථො ච මන්ධාතා වරකොපවරා දුවේ
මෙම ගාථාවේ තේරුම වනුයේ මහාසම්මත රජුට අනතුරුව ඔහු පුත් රෝජ, රොජගේ පුත් වරරෝජ ආදී රජ පෙලපත මෙරට රජ කළ බවය. එබැවින් වංසතථපපකාසිනී ටීකාවේ 11 පරිච්ඡේදයේ පහත ගාථාව
මහා සම්මතරාස්ස වංසජෝ හි මහාමුනි
කල්ලාදිස්මිං හි රාජායි මහාසම්මතනාමකෝ
බුදුන් වහන්සේ මහා සම්මත වංශයෙන් උපන් බව සඳහන් කරයි. මහා සම්මත රජුගේ වංශය මහාසම්මත වංශයයි.
වංසතථපපකාසිනියට අනුවම අපට පෙන්වා දිය හැක්කේ විජය වැනි ආක්රමණිකයකු මෙරට ප්රථම රජු ලෙස කිසිවිටෙකත් ඉතිහාසය පිළිගැනීමට ලක් නොවී ඇති බවයි. ඉපැරණි රාවණා පෙළපතට අයත් පුස්කොළ ග්රන්ථ පරිශීලනයේදී විජය පෙළපතේ පැටිකිරිය හෙළිවේ. යක්ෂ ගෝත්රයේ ඇදවැටීම සඳහන් රක්ඛ ඉලෝතිලෝව පුරාණ පුස්තකය අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි. ඔහු සහ අනුගාමිකයෝ ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් මංකොල්ලකෑමේ යෙදී ඇති අතර, මහාකාල හෙවත් කාලබද්ර හෙවත් සතිස්කාල රජ විජය ලක්දිවට පැමිණෙන විට මෙරට අනුරාධපුර ප්රදේශයේ රජුවේ.
උහුදාරක ප්රවේණියෙන සතිස්කාල රජත බලපතිවී
(උපුටා ගැනීම – පරිගපූර්ණිකාව පුස්කොළ ග්රන්ථය)
ඉපැරණි රක්ඛ ඉලෝවිලෝව පුස්කොළ ග්රන්ථයකට අනුව ලංකාවේ අනුරාධපුරයේ රජු කාලභද්ර වන අතර ලංකාවේ වෙළෙඳ නැව් මංකොල්ලකෑ විජය ඇතුළු ආක්රමණිකයන් කුවේණිය හෙවත් මහාපාලි නම් තරුණ රණකාමී සෙම්පතිනියක් යොදවා විජය ඇතුළු 700 ක් අත්අඩංගුවට ගනු ලබයි. බුද්ධ පරිනිර්වානය සිදුවී තිබුණ මේ යුගයේ මොවුන් එළිමහන් සිරකඳවුරක රඳවා තැබූ අතර, විජය සහ කුවේණි (මහාපාලි) හමුවූ පොකුණ අදත් මානෑකන්දේ පුරාවිද්යාඥයන්ගේ අවධානයට ලක්නොවී විනාශ වෙමින් පවතී. මේ පොකුණ දැනට හඳුනා නැති රිටිගල පොකුණට වඩා විශාලත්වයෙන් වැඩිය. මෙම පොකුණ පිහිටි භූමිය රාවණා යුගයෙන් පසු නීලගිරිය ලෙස වරිගපූරණිකාවේ සඳහන්වේ. නිලගිරිදේශය (මානෑව කඳුවැටිය) උපුටා ගැනීම යක්ෂ ගෝත්රිකයන්ගේ අප්රකට තොරතුරු – ත්රිපිඨවේදී මානෑවේ විමලරතන හිමි,

කුවේණිය රවටාගත් විජය සිරිසවස්ථපුරයේදී කුවේණියගේ ද සහයෙන් කලාභද්රද මැරූ බව මහාවංශය තහවුරු කරයි. යම් යම් තොරතුරු එකඟවිය නොහැකි වුවත් විජයගෙන් සිදුවූ ආක්රමණයේදී යක්ෂ වංශයට බරපතල හානි සිදුවී ඇති බවට අපගේ පර්යේෂණ තුළින් තහවුරු වී ඇත. එබැවින් විජය යනු ලංකාවේ පාලනයට කිසිදු උරුමයක් නොමැති පරදෙස් ආක්රමණිකයෝ බව නොපැළිගැනීම ජාතියේ අවාසනාවකි. විජය පැමිණීමට ප්රථම මෙරට ම්ලේච්ඡ, වනචාරී, ගෝත්රික ජනයා විසූ බවට ප්රචාරය කරන ලද්දේ දකුණු ඉන්දියානු ආක්රමණිකයන්ගේ මතවාද හිස් මුදුනින් පිළිගත් ඇතැම් වංශ කථාකරුවන්ය. නමුත් විජය පැමිණීමට ප්රථම මෙරට උද්යාන, ප්රාසාද (දැවැන්ත මාළිගා), අක්ෂරක්රම, යානා තාක්ෂණ සහ චාරිත්ර වාරිත්ර, හෙළ සංස්කෘතිකාංග පැවැති බවට අප්රමාණ සාක්ෂි ඇත. රාවණ යුගයේ මහමෙවුනා උයන, මහාමේඝ වන උයන ලෙස හඳුන්වා ඇති අතර, එයට හේතුව වන්නේ රාවණාගේ දෙටුපුත් මේඝ නාද (උපේන්ද්රමිණික ලෙස රක්ඛ විජලකාව පුස්කොළ ග්රන්ථයක සඳහන් වේ.) මොහු උත්පත්තිය ලැබුවේ මෙම අලංකාර උද්යානයේය. එබැවින් මෙය මේඝ වනය නම් විය. මෙහි පිහිටා තිබූ කාල ප්රාසාදය විජය පැමිණෙන විට මෙරට පාලකයකු වූ මහාකාල යක් රජුගේ මාළිගාව පිහිටියේ ද මෙම භූමියේය. එA බව මහාවංශයේ කාල ප්රාසාදයක් ගැන හා මේඝ වනයක් ගැන ලියවී ඇති ගාථාවන්ගෙන්ම පැහැදිලිවේ.
තවද මහින්දාගමනය සිදුවන විට ශ්රී ලංකාවේ ගොඩනැඟිලි පැවැති බවට පැහැදිලි සාධක මහාවංශයෙන්ම පෙන්වා දිය හැක.
තං නන්දනා දක්ණේය නයං ථෙරං රථෙසහෝ
ඹහාමේඝවනුයHdනං පාචිනද්වාරකං නයි
තත්ථ රාජඝරේ රම්මේ මඤ්චපීඨානි සාධුකං
(උපුටා ගැනීම – මහාවංශය 15 පරි. 11 ගාථාව)
මහාමේඝ වනය හා මෙම රාජ ගෘහය පිළිබඳ ලිත සාධක මහාවංශයේම තිබීම ඉතිමහාසගවේශකයන්ට දේවානම් පියතිස්ස රජ යුගයේ ගොඩනැඟිsලි තිබූ බවට හා මේඝ වනය ලෙස හැඳින්වීම පිළිබඳ පැහැදිලි සාධකයකි.
මිහිඳු මහරහතන් වහන්සේට වාසස්ථානයක් ලෙස මුලින්ම ලබාදී ඇත්තේ ද මෙම රමණීය රාජගෘහය වීම ආශ්චර්ය ජනකය. මහාවංශය 15 පරි. 11, 13 ගාථාවන් අධ්යයනයෙන් මෙම තොරතුරු ලබාගත හැක.)


එබැවින් මිහිඳු මා හිමියන් මෙරටට පැමිණෙද්දී ද ගොඩනැඟිලි නොපැවතියේ යෑයි පුහු තර්ක මතු කිරීමට විජය පරපුරට නොහැකි වනු ඇත. මෙරට ආක්රමණික වූ විජය විසින් ඝාතනය කළ මහාකාල (කාලභද්ර රජු) පසුකාලීනව කාල ප්රාසාදය පිහිටි වර්තමාන ජයශ්රීමහා බෝධි වහන්සේ ද පිහිටා ඇති මෙම භූමියේ කළු බණ්ඩාර දේවතාවා ලෙස වන්දනා මානයට ලක්වීම මොනතරම් ආශ්චර්යජනකද? එබැවින් ඉරුගල් බණ්ඩාර (රවි ශෛලාස පරපුර) කාලභද්ර යක් රජු මරණින් පසු නෑයකුන් පිදීමේ සම්ප්රදාය අනුව යක්ෂ ගෝත්රිකයන් විසින් ජයශ්රීමහා බෝධි ආරක්ෂක දේවතාවා ලෙස ගෞරවාදරයට පත්කර ඇත. නමුත් අවාසනාවකට කළු බණ්ඩාර දේවතාවා එළාර රජු යෑයි පවසමින් ඉතිහාසය නොදත් ලිපිකරුවන් විසින් සමාජයට හඳුන්වාදීම කෙතරම් අවාසනාවක්ද?
ජාතිය පාවාදීමක යෙදුණු ලාබාල වියේ පසුවූ කුවේණිය හෙවත් මහාපාලිය අවසානයේ අත්කරගත් ඉරණම ද යකුන් දෙස් තැබූ යක්දෙස්සාගල පුවතින් තහවුරුවේ. වර්තමාන කුරුණෑගල, විල්බාව ග්රාමයේ විලබාව රජමහා විහාරයේ පත්තිනි දේවාලය පිහිටා ඇති ගල්කුළු අසලදී කුවේණියගේ දිව කපා එක් අතුල් පහරින් මරණයට පත් කළ ප්රතාපවත් යක් පරපුරේ නරපතීහු විජයගේ දරුවන් පවා ජාතියට වැද්ද නොගත්හ. ජීවහත්ථ, දිසාලා ලෙස හඳුන්වන විජයට හා කුවේණියට දාව ඉපදුණු දරුවන් සමාජයට වැද්ද නොගත් යක්ෂ වංශය ඔවුන් සබරගිරි දේශයට පලවා හැරියහ. ඉන් පුලින්දයන් හෙවත් වැදි ජනයා ඇතිවූ අතර, විජාතික ලේ උරුම වැදි ජනයාගෙන් සිංහලයන් පැවත එනවා යෑයි පුහුතර්ක ඉදිරිපත් කරන්නන්ට ද බටහිර ඉතිහාසය මත ඉදිරිපත් කරන්නට ද දිය හැකි පිළිතුර වන්නේ නොදියුණු වැද්දන්ගෙන් හෙළ ජාතිය නොපැවතුණු බවය. නමුත් වැදි ජනයා ඔවුන්ගේ මුතුන්මිත්තන් රන් ආභරණ පැළඳි, ප්රාසාදයන්හි ජීවත්වූ දියුණු ජාතියක් බව පෙන්වා දෙයි. එයට හේතුව වනුයේ කුවේණිය පාර්ශ්වයෙන් ජීවහත්ත, දිසාලාට ලැබුණු යක්ෂ ලේ උරුමය නිසාය. ඔවුන් මුතුන් මිත්තන් පිදීම (මළවුන් පිදීම) නෑ යකුන් පිදීම, බුදු දහම වැළඳ ගැනීම, යක්ෂ ගෝත්රිකයන්ගෙන් ලැබුණු ආභාෂය තුළින් අද දක්වාම කරගෙන යනු ලබයි.
බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්යාපන ක්රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක් ලබා නොදෙනු ඇත. මුනිදාස කුමාරතුංගයන්, අරිසෙන් අහුබුදු සූරීන් ඉදිරිපත් කළ මත අනාගතයේ මොහොන්දේජාරෝ හරප්පා, සුමේරියානු, මෙක්සිකෝ, මායා ශිෂ්ටාචාර ඉතිහාසය මතුවීමත් වැළලී ගිය ශ්රී රාවණ ඉතිහාසය හා හෙළ යුගය මතුවීම ද කිසිවෙකුටත් නොවැළැක්විය නොහැක.