Sunday, April 5, 2009

Linux Ubuntu 8.10 සිංහලකරණය

Ubuntu 8.10 සිංහල කරණය

ඔන්න ඉතින් පොඩි වැඩක් සෙට් වුනා මෙ මාසෙ 24 වෙනිද "නිදහස් මෘදුකාංග සහ මෘදුකාංග දෙශීය කරනය" ගැන lecture එකක් කරන්න. ඉතින් මේදවස්වල මම එකට උවමනා දේවල් ට්කක් කරමින් ඉන්න අතරේ Ubuntu 8.10 සිංහලට පරිවර්තනය කරන හටි ගැන ටිකක් ලියන්න හිතුන.

මෙන්න වැඩෙ කරන හැටි
1.මුලින්ම ඔබගේ Ubuntu මෙහෙයුම් පද්දතිය ඇතුලත සිංහල Fonts ස්ථාපිත කරගත යුතුයි.

1.1 මුලින්ම මෙය ස්ථාපිත කරනනීමට කලින් ඔබගේ Ubuntu තුල ඒ සදහා අවශය පසුබිම සකසා ගත යුතුයි.මේ සදහා Universe repository, Enable කරගත යුතුයි.මේ සදහා ඔබට වැඩි විස්තර උවමනානම් (wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse).
සාමානියෙන් Ubuntu ස්ථාපනය කරන අවස්ථාවේදීම මෙය enable වී ඇත.

1.2 ඉන්පසුව පහත සදහන් විදානය ඔබගේ Shell එක මත Run කරගන්න.
sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

1.3 ඉන්පසුව පහත සදහන් විදානයත් ඔබගේ Shell එක මත Run කරගන්න
rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

2.ඉන්පසුව මෙය si.tar.gz ඔබගේ පරිඝණකය මතට බාගථ කරගන්න.

3.මෙය ඔබගේ Ubuntu තුල /usr/share/locale-langpack යන ස්ථානයට extract කරගන්න.

4. ඉන්පසුව /etc/default/locale යන ස්ථනයේ අති ගොනුව තුල අති LANG="en_US.UTF-8"පේලිය LANG="si_LK.UTF-8"මෙ අකාරයට වෙනස්කරගන්න.මේ සදහා ඔබට මෙම විදාන කීපයෙන් එකක් යොදාගත හැක.
sudo gedit /etc/default/locale
sudo vi /etc/default/locale

5.ඉන්පසුව ඔබගේ පරිඝණකය Reboot කරන්න.

6.දැන් ඔබට ඉහත රූපයේ ආකාරයට ඔබගේ පරිඝණකය සිංහල බසට හැරී ඇති ආකාරය දැක ගත හැකි.

7.ඔබට නැවතත් පෙර තිබු තත්වයට පරිඝණකය පත්කරගැනීමට උවමනානම්.කලින් ඔබ වෙනස්කරගත් පේලිය නැවත තිබු තත්වයට පත්කරගෙන Reboot කිරීම සෑහේ.

ඔන්න එහෙනම් වැඩේ ගොඩ.හැබැයි මේකේ සමහර වච්න මම English වලින් ලියලා තියෙන්නෙ, සමහර වච්නවල අකුරු වරදී.ඒ ඉතින් මම තාම සිංහල Blog වලට අලුත් හන්ද.පස්සෙ හරියයි.


නව ආරම්භයක්

ඔන්න මමත් හුගාක් කලෙක පස්සෙ ආපහු ලියන්න set උනා සිංහලෙන්.සිංහල එතරම් දුරට ලියන්න අපහසු හන්දා වැඩෙ අත ඇරල දාලයි හිටියෙ,නමුත් UCSC සිංහල එසෙණින් පරිවර්තකය නිසා වැඩේ ගොඩාක් ලේසි උනා.අපේම Faculty කරපු වැඩක් හන්ඩ ගොඩක් ආඩම්බරයි.එහෙනම් ඉතින් ඉක්මනටම සෙට් වෙමු වඩෙට.

No comments: